නිකවැරටිය ගොවිපල හෙක්ටයාර 734කින් යුක්ත සාපේක්ෂව විශාල ගොවිපලකි. එය තෙත් සහ වියළි කලාප අතර අතරමැදි ප්‍රදේශයක පිහිටා ඇති අතර, ගොවිපල කුරුණෑගල-පුත්තලම මාර්ගයේ නිකවැරටිය නගරයේ සිට කිලෝමීටර් 2 ක් දුරින් පිහිටා ඇත. 1983 දී ගොවිපල මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ බර ඇදීම සදහා සුදුසු ගවයින් ඇති කිරීමේ අරමුණ ඇතිවය. ඉන්දියානු වර්ග වන කිලාරි සහ කන්ගායන් හඳුන්වා දුන්නේ එකල වන අතර හරියානා හඳුන්වා දෙනු ලැබුවේ ටික කලකට පසුව එනම් 1970 දීය. 1973 දී කුණ්ඩසාලේ කෘතීම සිංචන මධ්‍යස්ථානයේදී ජර්සි වර්ගයේ ශුක්‍රාණු භාවිතයෙන් කෘතිම සිංචනය මගින් ජර්සි හරියානා දෙමුහුම් අභිජනනය ආරම්භ කරන ලදී. සියලුම කාංගායන්, කිලාරි, හරියානා සහ දෙමුහුම් අභිජනනය කරන ලද ගවයින් සියළු දෙනා ක්‍රමක්‍රමයෙන් අලෙවි කිරීම සිදු කරන ලද අතර නුමුහුම් සහිවල් ගවයින් සහ නිලිරාවී මී හරකුන් 1991 වර්ෂයේදී මෙම ගොවිපලට හඳුන්වා දුන් අතර 1992 නිකවැරටිය ගොවිපල NLDB වෙත පවරා දෙන ලදී. දැනට මෙම ගොවිපලේ පාකිස්ථානයෙන් ආනයනය කරන ලද නුමුහුම් නිලිරාවී මී හරකුන් සහ සහිවාල් ගවයින් නඩත්තු කරයි.
වර්ෂාපතනය මි.මි. 1100 සිට වෙනස් වන අතර වසරකදී වැසි දින ගණන 60-80 දක්වා වෙනස් වේ. ගොවිපලේ උස් බිම්වල බහුලව රතු දුඹුරු පස් වර්ගය දක්නට ලැබේ. පසේ ඉහල කාබනික ද්‍රව්‍ය මට්ටමක් ඇති බැවින් ගොවිපල පස ඉතා සාරවත් වේ. බොහෝ ප්‍රදේශ බෝග වගාව සඳහා සුදුසු ය. පසෙහි pH අගය 5.5-6 කි.
• පිරිසිදු අභිජනන නිලි රවි මී හරක් රංචුවක් නඩත්තු කිරීම සහ ගොවීන්ට අභිජනන ද්‍රව්‍ය සැපයීම.
• ගොවීන්ට වැස්සි පැටවුන් නිකුත් කිරීම සඳහා පිරිසිදු සහිවල් සහ හරස් අභිජනන ගවයින් නඩත්තු කිරීම.
• අගය එකතු කළ කිරි නිෂ්පාදන නිෂ්පාදනය කිරීම
• ගොවිපල නිෂ්පාදන සහ අනෙකුත් භාණ්ඩ මහජනතාවට විකිණීම සඳහා විකුණුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම.
• සංචාරක බංගලාව ලාභ ලබන ඒකකයක් ලෙස පවත්වාගෙන යාම